PHOTOS: Colombo Impex පූර්ණ සෞඛ්‍යාරක්ෂිතව නැවතත් ඔබ වෙනුවෙන්ම

මෙල්බර්න් Dandenong හි පිහිටා ඇති Colombo Impex අවන්හල සහ වෙළඳ සැල ලාංකික ඔබ වෙනුවෙන්ම පූර්ණ සෞඛ්‍යාරක්ෂිතව නැවතත් සේවය සැපයීම ආරම්භ කර තිබේ.

ශ්‍රී ලාංකික ක්‍රමයට ප්‍රණීත ආහාර පාන සපයන ස්ථානයක් ලෙස මෙල්බර්න් හි වාසය කරන ලාංකිකයන් අතර එය ජනප්‍රියයි.

එමෙන්ම නිවසට අවශ්‍ය සෑම අත්‍යවශ්‍ය ද්‍රව්‍යක්ම එකම ස්ථානයකින් ලබාගත හැකි ස්ථානයක් ලෙසද Colombo Impex ප්‍රචලිතය.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව නැවතත් සේවා සැපයීම් ආරම්භ කර ඇති බැවින් කිසිදු බියකින් තොරව සුපුරුදු පරිදි ශ්‍රී ලාංකික රසය අත්විඳීමට පැමිණෙන ලෙසයි ඔවුන් මෙල්බර්න් පමණක් නොව ඔස්ටේ්‍රලියාව පුරා සිටින ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Colombo Impex හි ලිපිනය : 3 Clow St, Dandenong VIC 3175.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »