සතියක් තුළ ලංකාවේ දෙවන වෛද්‍යවරයාත් කොරෝනා බිළිගනී

කොවිඩ් වසංගතය හේතුවෙන් දිවි අහිමි වූ තවත් වෛද්‍යවරයෙකු පිළිබඳ වාර්තා විය.

රාගම ශික්ෂණ රෝහලේ වසර 5කට වැඩි කාලයක් සේවය කළ 41 හැවිරිදි රාසික් මොහොමඩ් ජනාත් ඉමහත් කැපවීමකින් රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකි.

එම වෛද්‍යවරයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම රෝහලේම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

“මල්ලී ඉස්පිරිතාලේ දවස් 14ක් වගේ හිටියා. මම තමයි මල්ලිව ඇඩ්මිට් කරේ. ICU එකේ දවස් 8 – 10ක් වගේ හිටියා. අද ටිකට් කපලා ගෙදර යන්න හිටියේ. හොඳට හිටියා. එහෙම හිටිය එක්කෙනා ඊයේ එකපාර ට හාට් ඇටෑක් එකක් ඇවිල්ලා වගේ වුණා. වෛද්‍යවරු කිව්වා ලේ හිරවෙලා කියලා. ඊයේ 2ක වෙනකල් වෛද්‍යවරු හරිම අමාරුවෙන් මල්ලිගේ ගියපු පණ තමයි අල්ලගෙන හිටියේ. මම බලාගෙන හිටියා. ඒ වෙලාවේ ඉදලා අද උදේ 7 වෙනකල් ඒ තත්ත්වයෙන්ම මල්ලි හිටියා. මම 5.30ට ආවා උදේ. බලනකොට මැෂින් එක දාපු විදියටම තිබුණා. අද උදේ 7ට මල්ලි නැති වුණා. මං බලාගෙන හිටියා ඉවසගන්න බැරිවුණා. තරහකාරයෙක්ටවත් මේ වගේ ලෙඩක් හැදෙන්න හොඳ නෑ. මනුෂ්‍ය ජාතියෙන් කාටවත් ලෙඩ බෝකරන්න එපා කියලා දෙයියන්ගෙන් ඉල්ලන්නවා. කන්න බොන්න අපිට එපා. කොහොම හරි ජීවත්වෙන්නම්. ලෙඩ හැදෙන්න හොඳ නෑ.”

තිදරු පියෙකු වූ වෛද්‍ය රාසික් මොහොමඩ් මහතා ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ ළාබාලතම දරුවාට සම්පූර්ණ වී තිබුණේ මාස 03 ක් පමණයි.

පසුගිය පෙබරවාරි මාසයේ දී ගයාන් දන්තනාරායන නම් 32 හැවිරිදි වෛද්‍යවරයෙකු ද කොවිඩ් -19 වෛරසයට ගොදුරු වී මිය ගියේය.

කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු රාගම රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකි.

එමෙන්ම පසුගිය අගෝස්තු 10 වන දා ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්විය.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »