නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලංකාවේ විවාහ උත්සව තහනම්

2021 අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලංකාවේ නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය උත්සව සඳහා අවසර නොලැබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවය.

එමෙන්ම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන කිසිදු අවස්ථාවකට ද අවසර නොමැත.

අවන්හල්වල වරකට රැස්වී සිටිය හැක්කේ ඒ්වායේ ධාරිතාවයෙන් 50%කට නොවැඩි පිරිසකට පමණි.

එසේම ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වළකින්නැයි ද රජය ඉල්ලා සිටින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

 

Pic –  The Barnhouse – Sri Lanka

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »