සති 05 කදී වික්ටෝරියා ප්‍රාන්ත වැසියන් මිලියනයකට එන්නත් දීමට සැලසුම්

වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම පුද්ගලයෙකු හට AstraZeneca එන්නත දැන් ලබාගත හැකි බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

එමෙන්ම ඉදිරි සති 5 තුළ ප්‍රාන්ත වැසියන් මිලියනයකට කොවිඩ් එන්නත ලබාදීමටද ප්‍රාන්ත රජයට අවශ්‍ය වී තිබේ.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 15 ක් හමුවී තිබේ.

ඒ සියලු ආසාදිතයින්ගෙන් සිව් දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙළිවී ඇත.

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 7 ක් හමුවී තිබේ.

අගෝස්තු 14 සිට ACT වලින් ක්වීන්ස්ලන්තය වෙත පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු හෝටල් නිරෝධායනය විය යුතුය.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »