නිරෝධායනයේ නිරත වික්ටෝරියා කාන්තාවකගෙන් පොලිස් නිළධාරියෙකු ලෙස සිට ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට උත්සාහ කරලා

නිරෝධායනයේ නිරත වන කාන්තාවකගෙන් පොලිස් නිළධාරියෙකු ලෙස පෙනී සිට ලිංගික අවශ්‍යතාවයක් සපුරා ගැනීමට උත්සාහ කල පුද්ගලයෙකු පිළිබඳ විමර්ශන ආරම්භ වී තිබේ.

වික්ටෝරියා කොවිඩ් අණදෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ අදාළ වාර්තා සත්‍යදැයි තහවුරු කරගැනීම එහි අරමුණ බවයි.

කිසියම් අයෙකු පොලිස් නිළධාරියෙකුදැයි තහවුරු කරගැනීමට අදාළ තැනැත්තාගේ නිල ඇඳුම තහවුරු කරගැනීම සහ රාජකාරි හැඳුනුම්පත ඉල්ලා සිටින්නැයිද ඔහු දන්වා සිටිනවා.

එමෙන්ම නිරෝධායනයේ නිරත වන කිසිදු නිවසකට බාහිරින් කවරෙකු හෝ නොපැමිණෙන බවද Jeroen Weimar සඳහන් කලා.

ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

Read More »

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »