03 වන කොවිඩ් එන්නතටත් අනුමැතිය දීමට ඔස්ටේ්‍රලියාව සූදානම්

කොවිඩ් මර්දන මොඩර්නා එන්නතට අනුමැතිය දීමට ඔස්ටේ්‍රලියාව සූදානම් වනවා.

ඒ අනුව භාවිතයට ගනු ලබන 03 වන කොවිඩ් මර්දන එන්නත බවට එය පත්වනු ඇති.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ භාවිතයට ගන්නා එන්නත් වර්ග 02 වන්නේ ෆයිසර් සහ ඇස්ට්‍රා-සෙනෙකා යි.

මේ වනවිට මොඩර්නා එන්නත සඳහා අනුමැතිය ඉල්ලා ඇති අතර ඉදිරි සති 02 තුළදී එම අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියේ.

දෙසැම්බර් වනවිට මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 04 ක් ඔස්ටේ්‍රලියාවට ලැබෙනු ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කලා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »