NSW දෛනික ආසාධිතයන් පළමුවරට 300 ඉක්මවයි / ඊයේ මරණ 05 ක්

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් එක් දිනයකදී සටහන්වූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ගතවූ පැය 24 තුළදී සටහන්වී ඇත

ඒ 319 දෙනෙකු ලෙසයි.

ආසාධිතයන් 300 ඉක්මවා වාර්තා වූ පළමු අවස්ථාවද මෙයයි.

මෙම ආසාධිතයන් අතුරින් 51 දෙනෙකුට වෛරසය වැළඳුනේ කෙසේදැයි තවමත් අවිනිෂ්චිතය.

එමෙන්ම ඊයේ දිනයේදී කොවිඩ් මරණ 05 ක්ද ප්‍රාන්තයෙන් සටහන්වී තිබේ.

මේ අතර NSW Northern Tablelands හි Armidale ප්‍රදේශය අද පස්වරු 05 සිට සතියකට Lockdown කෙරේ.

ඊයේ දිනයේදී ප්‍රාන්තය තුළ සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 108,449 යි.

 

 

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »