VIDEO : පොලිස් නිළ සුනඛයන්ගෙන් මදුරු කීටයන් හඳුනාගැනීමේ අලුත් වැඩක්

මදුරු කීටයින් සහිත ජලය රැදී පවතින ස්ථාන නිවැරැදිව හදුනාගැනීම සදහා ශ්‍රී ලංකා පොලිසිය විසින් පොලිස් නිළ සුනඛයින් යොදාගනිමින් සිදුකල අත්හදා බැලීමක් සාර්ථක වී තිබෙනවා.

මහනුවර පොලිස් නිළ සුනඛ ඒකකයේ සිටින සුනඛයින් දෙදෙනෙකු මේ වනවිටත් එම පුහුණුව සාර්ථකව අවසන් කර ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ පාරිසරික පොලිස් නිළධාරීන් විසින් ඉදිරියේදී සිදුකරන මෙහෙයුම් සදහා මෙම සුනඛයින්ගේ සහය ලබාගැනීමට ද නියමිත බවයි.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »