ඔලිම්පික් වේගවත්ම පිහිණුම් ශූරිය ඔස්ටේ්‍රලියාවේ Emma McKeon

මෙවර ඔලිම්පික් උළෙලේ වේගවත්ම පිහිණුම් ශූරිය බවට ඔස්ටේ්‍රලියාවේ Emma McKeon පත් වුණා.

ඒ කාන්තා මීටර් 50 නිදහස් ආර පිහිණුම් ඉසව්වෙන් තත්පර 23.81 ක නිමි කාලයක් වාර්තා කරමිනුයි.

මෙය නව ඔලිම්පික් වාර්තාවක්ද වනවා.

Emma McKeon විසින් දිනාගත් 10 වන ඔලිම්පික් පදක්කම මෙයයි.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී දිනාගත් රන් පදක්කම් 03 ක් ඊට අයත්.

මෙවර පිහිණුම් ඉසව්වලින් ඔස්ටේ්‍රලියාව රන් පදක්කම් 08 ක් දිනා ඇති අතර එය 1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙලේදී දිනාගත් රන් පදක්කම් ගණන හා සමානවීමද විශේෂත්වයක්.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »