පදක්කම් 05 ක් දිනා නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට ඔස්ටේ්‍රලියානු පිහිණුම් ක්‍රීඩිකාවක සූදානම්

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී පදක්කම් 05 ක් දිනා නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට ඔස්ටේ්‍රලියානු පිහිණුම් ක්‍රීඩිකා Emma McKeon සූදානම් වෙයි.

කාන්තා මීටර 50 නිදහස් ආර ඉසව්වේ අවසාන තරගයට ඇය සුදුසුකම් ලබාගත්තේ තත්පර 24.02 කින් තරගය අවසන් කර නව ඔලිම්පික් වාර්තාවක්ද පිහිටුවමිනි.

මේ වනවිට Emma McKeon විසින් රන් පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ඇති අතර අද පැවැත්වෙන මීටර 50 අවසන් තරගයෙන්ද පදක්කමක් දිනාගත හොත් ඇය විිසින් මෙවර ඔලිම්පික් උළෙලේදී නව වාර්තාවක්ද පිහිටුවනු ලබයි.

මේ වනවිට රන් පදක්කම් 09 ක් – රිදී 02 ක් හා ලෝකඩ 11 ක් දිනා ඔස්ටේ්‍රලියාව පදක්කම් සටහනේ 05 වන ස්ථානයේ පසුවෙයි.

ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනා නොමැත.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »