Day: July 31, 2021

එන්නත් කාඩ් එක නැත්නම් බස් ගාස්තුව දෙගුණයක් – ලංකාවට අලුත්ම නීතියක් එන ළකුණු

එක් එන්නතක් හෝ ලබානොගත් පුද්ගලයින් බස් රථවලට ඇතුළුවීමේ දී ඔවුන්ගෙන් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් අයකර ගැනීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. හෙට (01) සිට අන්තර් පළාත් බස්රථ ධාවනය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, බස්රථ සඳහා ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් ලබාගත් බවට තහවුරු කර ඇති එන්නත් කාඩ් පතෙහි ඡායා පිටපතක් මගීන් සතුව තිබිය යුතු බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු

Read More »

Lockdown උද්ඝෝෂණයක ආරංචි හේතුවෙන් සිඩ්නි නගරයට පොලිස් නිළධාරීන් 1000 ක්

Lockdown තත්වයට විරෝධය පළ කර උද්ඝෝෂණ මාලාවක් පැවැත්විමට යන බවට වන ආරංචි හේතුවෙන් සිඩ්නි නගරයේ ආරක්ෂාව තර කර තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය පැවසුවේ පොලිස් නිළධාරීන් 1000 කට ආසන්න පිරිසක් ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බවයි. එමෙන්ම Sydney CBD දක්වා පුද්ගලයන් රැගෙන ඒම සියලු ටැක්සි රථවලට තහණම් කර තිබේ. පසුගිය සති අන්තයේදීත් මෙවැනිම දැවැන්ත විරෝධතා මාලාවක් සිඩ්නි – බ්‍රිස්බන් සහ මෙල්බර්න් නගරවල පැවති අතර ඒවාට සහභාගී වූ දහස් සංඛ්‍යාත පිරිසකට එරෙහිව චෝදනා පත්‍ර ගොණු

Read More »

අද පස්වරු 04 සිට බ්‍රිස්බන් ඇතුලු ප්‍රදේශ 11 ක් Lockdown

කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු වාර්තාවීමත් සමග ක්වීන්ස්ලන්ඩ් හි නාගරික ප්‍රදේශ 11 ක් අද පස්වරු 04 සිට Lockdown කර තිබේ. ප්‍රාන්තයේ නියෝජ්‍ය අගමැති පැවසුවේ බ්‍රිස්බන් නුවර පාසලක සිසුවෙකුට වෛරසය වැළඳී ඇතැයි හෙළිවීමත් සමග සිදුකල පරීක්ෂණවලදී මෙම ආසාධිතයන් හමුවූ බවයි. ඒ අනුව පහත ප්‍රදේශ අද පස්වරු 04 සිට ලබන අගහරුවාදා පස්වරු 04 තෙක් Lockdown කෙරේ. Brisbane City Moreton Bay Gold Coast Ipswich Lockyer Valley Logan City Noosa Shire Redland City Scenic Rim Somerset Sunshine Coast අත්‍යවශ්‍ය කරුණු

Read More »

VIDEO : උපත් පාලන කොපුවක් නිසා ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවකට ඔලිම්පික් පදක්කමක්

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවීමට පැමිණි සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ලබාදුන් අනිවාර්ය උපත් පාලන කොපුව භාවිත කර ලෝකඩ පදක්කමක් දිනාගත් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවක පිළිබඳ අපූරු පුවතක් ජපානයේ ටෝකියෝ නුවරින් වාර්තා වනවා. සිය ඉන්ස්ටග්‍රම් ගිණුම හරහා වීඩියෝවක් බෙදා ගනිමින් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකා ජෙසිකා ෆොක්ස් පෙන්වා දී තිබුණේ ඇයට ඔලිම්පික් පදක්කමක් දිනාගන්නට අදාළ කොපුව උපකාරී වූ අයුරුයි. තරගයට සුලු මොහොතක් තිබියදී, ඇයගේ කුඩා ඔරුවේ (Kayak) සිදු කිරීමට අවශ්‍ය වූ අලුත්වැඩියාවක් එය යොදාගෙන සිදු කරන අයුරු ඇය එම වීඩියෝවේ දක්වා තිබුණා. කෙසේ

Read More »

රිය අනතුරකින් ජනප්‍රිය රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මරුට

ළිඳුල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ජනප්‍රිය රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මියගොස් තිබෙනවා. නුවරඑළියේ පැවති රූගත කිරීමකින් පසු නැවත පැමිණීමේදී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ. කරුමක්කාරයෝ / බිතු සිතුවම් / සළඹක් හඩයි / හෝ ගානා පොකුණ ආදී ජනප්‍රිය චිත්‍රපට රැසක මෙන්ම ටෙලි නාට්‍ය රැසකද ඇය සිය රංගන කුසලතාව දක්වා තිබුණා. වාහනය පැදවූ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව

Read More »