VIDEO : උපත් පාලන කොපුවක් නිසා ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවකට ඔලිම්පික් පදක්කමක්

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවීමට පැමිණි සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ලබාදුන් අනිවාර්ය උපත් පාලන කොපුව භාවිත කර ලෝකඩ පදක්කමක් දිනාගත් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවක පිළිබඳ අපූරු පුවතක් ජපානයේ ටෝකියෝ නුවරින් වාර්තා වනවා.

සිය ඉන්ස්ටග්‍රම් ගිණුම හරහා වීඩියෝවක් බෙදා ගනිමින් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකා ජෙසිකා ෆොක්ස් පෙන්වා දී තිබුණේ ඇයට ඔලිම්පික් පදක්කමක් දිනාගන්නට අදාළ කොපුව උපකාරී වූ අයුරුයි.

තරගයට සුලු මොහොතක් තිබියදී, ඇයගේ කුඩා ඔරුවේ (Kayak) සිදු කිරීමට අවශ්‍ය වූ අලුත්වැඩියාවක් එය යොදාගෙන සිදු කරන අයුරු ඇය එම වීඩියෝවේ දක්වා තිබුණා.

කෙසේ වෙතත් එදින පැවැත්වූ අවසන් තරගයෙන් ඇයට ලෝකඩ පදක්කම දිනා ගැනීමට හැකියාව ලැබී තිබෙන අතර ජෙසිකා ෆොක්ස් කියා සිටින්නේ උපත් පාලන කොපුව භාවිත කර කළ අලුත්වැඩියාවෙන් අනතුරුව ඔරුවේ පලුදු වූ ස්ථානයට සුමට නිමාවක් ලැබී තිබෙන බවයි.

ජෙසිකා ෆොක්ස් මෙවර රන් හා ලෝකඩ පදක්කම බැගින් දිනාගත් අතර මීට පෙර අවස්ථා දෙකකදී ද රිදී හා ලෝකඩ ඔලිම්පික් පදක්කම් දෙකක් දිනා තිබෙනවා.

ඒ 2012 ලන්ඩන් හා 2016 රියෝ ඔලිම්පික් උළෙල වලදීයි.

 

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »