විදේශයන් හි සිටින ඔස්ටේ්‍රලියානුවන් යළි ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල නැවතත්

විදේශයන් හි සිටින ඔස්ටේ්‍රලියානුවන් යළි ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්දුනීසියාවේ බාලි නුවර සිරවී සිටින 780 දෙනෙකු පළමු අධියර යටතේ ලබන මාසයේදි ගෙන්වා ගැනීමට නියමිතය.

රජයේ වාර්තා අනුව 38,000 කට අධික පිරිසක් ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නොහැකිව රටවල් රැසක සිරවී සිටිති.

මේ අතර ලබන මාසයේදී ඉන්දියාවේ සිට ගුවන් යානා 06 ක් – ලන්ඩන් සිට 06 ක් – ජර්මනියේ සිට 01 ක් – දකුණු අප්‍රිකාවේ සිට 01 ක් ලෙස Howard Springs දක්වා ගුවන් යානා පැමිණීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සහභාගීවූවන් 360 දෙනෙකුද ගුවන් යානා 02 ක් මගින් ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගැනීමටයි නියමිතව ඇත්තේ.