එන්නත්කරණ අභියෝගය ජයගැනීම සඳහා අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික කැබිනට් රැස්විමේදී සිව් වැදෑරුම් වැඩපිළිවෙලකට අනුමැතිය ලැබී තිබේ.
දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල Phase A ලෙස නම් කර ඇත.
Phase B යටතේ සිදුවන්නේ එන්නත් ලැබීමට සුදුසුකම් ලබා ඇති ජනගහණයෙන් සියයට 70 කට දෙවන මාත්‍රාව ලබාදීමයි.
එම ඉලක්කය සියයට 80 ක් වු පසු අධියර Phase C ලෙස නම් කරනු ලබයි.
සමස්ත වැඩිහිටි ජනගහණය එන්නත් කර අවසන් කිරීමත් – ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග Phase D අධියර ක්‍රියාවට නැංවෙන බවයි අගමැති ස්කොට් මොරිසන් කියාසිටියේ.