සවුදියෙන් දැඩි තීරණයක් – රටවල් කිහිපයක පුරවැසියන්ට අවුරුදු 03 කට එන්න එපා කියයි

කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සංචාරය තහණම් කර ඇති අවධානම් රටවල් හෙවත් රතු ලැයිස්තුවේ ඇතුළත් රටවලින් පැමිණෙන පුද්ගලයන්ට වසර 03 ක සංචාරක තහණමක් පැණවීමට සවුදි අරාබිය තීරණය කර තිබෙනවා.

ඉන්දියාව / එක්සත් අරාබි එමීර් රාජ්‍යය / පකිස්ථානය / ලෙබනන් වියට්නාමය / දකුණු අප්‍රිකාව / බ්‍රසීලය ඇතුලු රටවල් කිහිපයක් සඳහා සවුදි අරාබිය විසින් මේ වනවිට සංචාරක තහණම් පණවා අවසන්.

මෙම රටවල පුරවැසියන්ට සවුදි අරාබියට ඇතුලුවීමට අවසර නොමැති නමුත් පසුගිය දින කිහිපයේදී එම නියමයන් උල්ලංඝනය වී ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

ඒ අනුව තවත් නීති දැඩි කරමින් මෙම රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට වසර 03 ක සංචාරක තහණම් පැණවීමටයි සවුදි අරාබිය සැලසුම් කරමින් සිටින්නේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »