Lockdown හමුවේ වික්ටෝරියා ව්‍යාපාර වෙනුවෙන් සහන දීමට අමතර ඩොලර් මිලියන 282.5 ක්

Lockdown හමුවේ බලපෑමට ලක්ව ඇති වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර වෙනුවෙන් සහන දීමට තවත් අමතර ඩොලර් මිලියන 282.5 ක මුදලක් වෙන් කර තිබේ.

Industry and Support විශය භාර ඇමති Martin Pakula නිවේදනය කලේ Lockdown තත්වය දීර්ඝ කිරීමත් සමග මෙම පියවර ගත් බවයි.

මේ අනුව ව්‍යාපාර සඳහා වික්ටෝරියා ප්‍රාන්තය වෙන් කර ඇති සමස්ත මුදල ඩොලර් මිලියන 484 දක්වා ඉහළ යනු ඇත.

දැනටමත් ව්‍යාපාර 86,000 ක් සඳහා ඩොලර් 3000 බැගින් වන දීමනා සපයා අවසන් බවද Martin Pakula සඳහන් කලේය.

මීට පෙර දීමනා ලබාදීමේදී සුදුසුකම් නොලැබු ආයතන සඳහා නැවත අයදුම් කිරීමට අවස්ථාව පවතින බවද ඔහු පැවසීය.

පසුගිය වසරේ සිට මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර වෙනුවෙන් ලබාදී ඇති මුලු මුදල ඩොලර් බිලියන 07 කට ආසන්න බවද Martin Pakula සඳහන් කලේය.

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »