ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිසක් Lockdown තත්වයේ

ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිසක් මේ වනවිට Lockdown තත්වයේ පසුවෙයි.

ඒ ඊයේ සවස 06 සිට දකුණු ඔස්ටේ්‍රලියාවත් Lockdown කිරීමත් සමගයි.

මේ අනුව වික්ටෝරියා / නිවු සවුත් වේල්ස් / දකුණු ඔස්ටේ්‍රලියා යන ප්‍රාන්ත 03 ම මේ වනවිට අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා වසා දමා තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තය ලබන 27 වැනිදා දක්වා lockdown කරන බව  ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews නිවේදනය කළේය.

ඊයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 78 ක් හමු වී තිබේ.

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුල ජුලි මස 27 වැනිදා දක්වා 5 වන මට්ටමේ සීමාවන් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Steven Marshall පියවර ගෙන තිබේ.

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »