වික්ටෝරියා border permit සඳහා සංශෝධන කිහිපයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා බලපත් (border permit) සඳහා සංශෝධන කිහිපයක් සිදුකර තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට නීති විරෝධීව ඇතුලුවන්නන් සීමා කිරීමයි එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ.

මේ අනුව ලබන සිකුරාදා රාත්‍රී 12 සිට NSW ප්‍රාන්තයේ සිට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවිය හැකි වනුයේ “red zone permit” එකක් හිමි අයට පමණි.

ඩෙල්ටා වෛරස් ප්‍රභේදය වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීම වළක්වාගැනීම දැඩි අසීරු කරුණක් බවට පත්ව ඇති බවයි ප්‍රාන්ත අගමැති Daniel Andrews සඳහන් කරන්නේ.

නොමැති කිසිවෙකුටත් වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොදෙන අතර පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ප්‍රාන්ත සීමාවේ ආරක්ෂාව සඳහා යෙදවීමටද නියමිතයි.

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »