Day: February 15, 2022

අගමැති බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

සිය සැමියා රාජකාරි බහුල අතිශය කාර්ය බහුල දිවියක් ගතකිරීම හමුවේ ඇතැම් අවස්ථාවලදී සිය පුද්ගලික ජිවිතයට බලපෑම් එල්ලවූ අගමැති ස්කොට් මොරිසන් ගේ බිරිඳ වන ජෙනී මොරිසන් පවසනවා. සත් අන්ත රුපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදීයි ඇය මේ බව කියාසිටියේ. ඇතැම් අවස්ථාවලදී ගනු ලැබූ තීරණ පිළිබඳ අද වනවිට පසුතැවිලි වන බවයි ඇය මෙහිදී සඳහන් කලේ. 2019 ලැව්ගිනි සමයේදී හවායි හි නිවාඩුවක් ගත කිරීමද ඒ අතර වන බව ජෙනී මොරිසන් ප්‍රකාශ කලා. ෆෙඩරල් මැතිවරණය අභියස අගමැති මොරිසන්ගේ ජනප්‍රියත්වය පහළ වැටී ඇති

Read More »

බෝට්ටු ගමන් වළකන්න ෆෙඩරල් රජය ලංකාවේ අලුත් වැඩක

අනවසර සංක්‍රමණ වැළැක්වීමේ අරමුණින් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජය විසින් ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක කල කෙටි චිත්‍රපට තරගාවලියට අති විශාල ඉදිරිපත් කිරීම් ප්‍රමාණයක් ලැබී තිබෙනවා. අනවසර සංක්‍රමණ සඳහා ඔස්ටේ්‍රලියානු රජය කිසිදු බුරුලක් නොදෙයි යන්න හෙවත් “Zero Chance” යන තේමාව යටතේයි මෙම කෙටි චිත්‍රපට තරගාවලිය සංවිධාන කෙරුණේ. මීට ඉදිරිපත් වූ තරගකරුවන් බහුතරයක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වනවා. එමෙන්ම ඔවුන්ගෙන් සැළකිය යුතු පිරිසකට සිය ඥාතීන් හෝ හිත මිතුරන් සම්බන්ධ බෝට්ටු චාරිකා පිළිබඳ අයහපත් අත්දැකීම් ඇති බවයි සඳහන් වන්නේ.

Read More »
How_to_become_a_registered_nurse_612px

සමස්ත නිවු සවුත් වේල්ස් හෙදියන් සංකේත වැඩවර්ජනයක

සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා හෙදියන් අද පෙරවරු 07 සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කලා. වැටුප් වැඩි කරන ලෙස සහ රෝගීන් අනුපාතයට අනුව හෙදියන් සංඛ්‍යාව ඉහළ දමන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. සමස්ත ප්‍රාන්තය පුරා මෙලෙස හෙදියන් වර්ජනයක නිරත වන්නේ වසර 10 කට පමණ පසුව වීම විශේෂත්වයක්. කෙසේවෙතත් මෙම වර්ජනය සිදු නොකරන ලෙස කාර්මික සබඳතා කොමිසම විසින් ඊයේ දිනයේදී නිවු සවුත් වේල්ස් හෙද වෘත්තීය සමිති වෙත දැනුම්දීමක්ද සිදුකර තිබුණා. වෘත්තීය සමිතිවල ඉල්ලීම වන්නේ පොරොන්දු වූ පරිදි

Read More »

තීරණාත්මක 03 වන තරගය අද / මෙන්ඩිසුත් එන ළකුණු

ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර තීරණාත්මක 03 වන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා. ඒ කැන්බරා නුවරදීයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 01 යි 40 ට හෙවත් කැන්බරා වේලාවෙන් රාත්‍රී 07 යි 10 ට තරගය ආරම්භ වනු ඇති. තරගාවලිය ජය ගැනීමට හෝ සම තත්වයෙන් අවසන් කර ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය අනිවාර්යයෙන් ජයගත යුතු වනවා. මේ අතර මෙම තරගයට පිතිකරු කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇති බවට අනාවැකි පළවනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ ඔහු

Read More »