Day: February 15, 2022

Breaking: වනිඳුට කොවිඩ් / අද තරගයටත් නෑ

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් ආසාධනය වී තිබෙනවා. ඒ අනුව කැන්බරා හිදී අද පැවැත්වෙන 03 වන පන්දුවාර 20 තරගයට ඔහු ක්‍රීඩා නොකරනු ඇති. ඒ වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ ක්‍රීඩා කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කලා. කුසල් මෙන්ඩිස් හා බිනුර ප්‍රනාන්දුටද පසුගියදා කොවිඩ් වැළඳුණා. මෙන්ඩිස් අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

Read More »

ඔස්ටේ්‍රලියාවේදී අපරාධයක් කලොත් වහා පිටුවහල් – නව නීති පාර්ලිමේන්තුවට

ඔස්ටේ්‍රලියාව තුළදී කිසියම් අපරාධයක් හෝ ලිංගික හිංසනයකට සම්බන්ධ වී වරදකරුවෙකු බවට පත්වන විදේශිකයන් වහා පිටුවහල් කිරීමට අදාළ නීති නැවත හඳුන්වාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ කෙටුම්පත මෙම සතිය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සංක්‍රමණ අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක දක්වා ඇත්තේ. ඔස්ටේ්‍රලියානු පුරවැසියන්, අපරාධවලට සම්බන්ධ වෙනත් ජාතිකයන්ගෙන් ආරක්ෂා කරගැනීම මෙහි අරමුණ වී තිබෙනවා. මේ අනුව එවැනි අපරාධයකට සම්බන්ධ කිසියම් අයෙකු වෙතොත් ඔහුගේ හෝ ඇයගේ වීසා බලපත්‍රය ක්ෂණිකව අවලංගු කෙරෙනු ඇති. එමෙන්ම

Read More »

පර්ත් – ලන්ඩන් ක්වන්ටාස් ගුවන් ගමන් තවත් ප්‍රමාද වෙයි

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත කිරීම ප්‍රමාද වීම හමුවේ පර්ත් – ලන්ඩන් ගුවන් ගමන් ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ක්වන්ටාස් ගුවන් සේවය පවසනවා. ලබන අප්‍රේල් සිට එය ආරම්භ කිරීමට නියමිතව තිබුණද ප්‍රාන්ත සීමා විවෘත කරන දිනය තවමත් අවිනිශ්චිත වීම හමුවේ මෙම තීරණය ගත් බව ඔවුන් නිවේදනය කරනවා. එබැවින් ලබන ජූනි මාසය දක්වා ඩාර්වින් සිට ලන්ඩන් දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සිදුවී ඇති බවද ක්වන්ටාස් සමාගම පවසනවා. ඒ අනුව සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වූ සිඩ්නි – සිංගප්පූරුව

Read More »

ලංකාව හැර අනෙකුත් හැම රටකටම එන රට සල්ලි ඉහළට

2020 – 2021 මූල්‍ය වර්ෂය සැළකීමේදී ශ්‍රී ලංකාව හැර කලාපීය අනෙකුත් රටවලට විදෙස්ගත ශ්‍රමිකයන් විසින් එවන ලද මුදල් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව අනාවරණය වනවා. PUBLIC FINANCE නම් ස්වාධීන පර්යේෂණ ආයතනය විසින් සිදුකල අධ්‍යයනයකදීයි මෙම තොරතුරු හෙළිවී ඇත්තේ. ඊට අනුව 2020 වසරට වඩා 2021 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 22.7 කින් පහල ගොස් තිබෙනවා. එහි අගය අමෙරිකානු අමෙරිකානු ඩොලර් මිලියන 1612 ක්. බංග්ලාදේශය සියයට 1.5 කින්ද – මාලදිවයින සියයට 25.2 කින්ද –

Read More »

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා – 8162 / නිවු සවුත් වේල්ස් – 8201

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 8,162 ක් හමුව ඇත. මරණ 20 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,967 කි. ඊයේ දිනයේදී (14) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 16,146 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 10,930 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (14) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 8,201 ක් වාර්තා වි තිබේ. දැනට 1583 දෙනෙකු රෝහල්ගතව

Read More »