පර්ත් – ලන්ඩන් ක්වන්ටාස් ගුවන් ගමන් තවත් ප්‍රමාද වෙයි

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත කිරීම ප්‍රමාද වීම හමුවේ පර්ත් – ලන්ඩන් ගුවන් ගමන් ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ක්වන්ටාස් ගුවන් සේවය පවසනවා.

ලබන අප්‍රේල් සිට එය ආරම්භ කිරීමට නියමිතව තිබුණද ප්‍රාන්ත සීමා විවෘත කරන දිනය තවමත් අවිනිශ්චිත වීම හමුවේ මෙම තීරණය ගත් බව ඔවුන් නිවේදනය කරනවා.

එබැවින් ලබන ජූනි මාසය දක්වා ඩාර්වින් සිට ලන්ඩන් දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සිදුවී ඇති බවද ක්වන්ටාස් සමාගම පවසනවා.

ඒ අනුව සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වූ සිඩ්නි – සිංගප්පූරුව – ලන්ඩන් ගුවන් ගමන වෙනුවට සිඩ්නි – ඩාර්වින් – ලන්ඩන් ලෙස ගුවන් මාර්ගය තවදුරටත් ක්‍රියාත්වක වනු ඇති.

https://www.9news.com.au/national/qantas-to-keep-darwin-to-london-route-running-amid-wa-border-closure/33519fa8-2bd0-4fd3-90f1-c49f12e9a73f

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »