ඔස්ටේ්‍රලියාවේදී අපරාධයක් කලොත් වහා පිටුවහල් – නව නීති පාර්ලිමේන්තුවට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාවේදී අපරාධයක් කලොත් වහා පිටුවහල් – නව නීති පාර්ලිමේන්තුවට

ඔස්ටේ්‍රලියාවේදී අපරාධයක් කලොත් වහා පිටුවහල් – නව නීති පාර්ලිමේන්තුවට

ඔස්ටේ්‍රලියාව තුළදී කිසියම් අපරාධයක් හෝ ලිංගික හිංසනයකට සම්බන්ධ වී වරදකරුවෙකු බවට පත්වන විදේශිකයන් වහා පිටුවහල් කිරීමට අදාළ නීති නැවත හඳුන්වාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ කෙටුම්පත මෙම සතිය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සංක්‍රමණ අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක දක්වා ඇත්තේ.

ඔස්ටේ්‍රලියානු පුරවැසියන්, අපරාධවලට සම්බන්ධ වෙනත් ජාතිකයන්ගෙන් ආරක්ෂා කරගැනීම මෙහි අරමුණ වී තිබෙනවා.

මේ අනුව එවැනි අපරාධයකට සම්බන්ධ කිසියම් අයෙකු වෙතොත් ඔහුගේ හෝ ඇයගේ වීසා බලපත්‍රය ක්ෂණිකව අවලංගු කෙරෙනු ඇති.

එමෙන්ම බරපතල අපරාධයකට සම්බන්ධ වී වරදකරුවෙකු වී අවම වශයෙන් වසර 02 ක සිර දඩුවමක් නියම වූ අයෙකුට සහ වෙනත් අපරාධයකට මාස 12 කට අඩු කාලයක සිර දඩුවමක් නියම වූ අයෙකුට අදාළව සිදුකරන චරිත සහතික පරීක්ෂණයේ දුර්වලතා ද නව කෙටුම්පතින් ඉවත් කර තිබෙනවා.

2014 වසරේ සිට මේ දක්වා ඔස්ටේ්‍රලියාව තුළදී බරපතල අපරාධ සිදුකල විදේශිකයන් 10,000 කට අධික පිරිසකගේ වීසා බලපත් අවලංගු කර පිටුවහල් කර තිබෙනවා.

COMMENTS