
අනවසර සංක්‍රමණ වැළැක්වීමේ අරමුණින් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජය විසින් ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක කල කෙටි චිත්‍රපට තරගාවලියට අති විශාල ඉදිරිපත් කිරීම් ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
අනවසර සංක්‍රමණ සඳහා ඔස්ටේ්‍රලියානු රජය කිසිදු බුරුලක් නොදෙයි යන්න හෙවත් “Zero Chance” යන තේමාව යටතේයි මෙම කෙටි චිත්‍රපට තරගාවලිය සංවිධාන කෙරුණේ.
මීට ඉදිරිපත් වූ තරගකරුවන් බහුතරයක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වනවා.

එමෙන්ම ඔවුන්ගෙන් සැළකිය යුතු පිරිසකට සිය ඥාතීන් හෝ හිත මිතුරන් සම්බන්ධ බෝට්ටු චාරිකා පිළිබඳ අයහපත් අත්දැකීම් ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේවෙතත් මෙවැනි දෑ මගින් අනවසර සංක්‍රමණ වළක්වාලීමට එතරම් පිටුබලයක් නොලැබෙන බවත් දැඩි හා ප්‍රායෝගික පියවර අවශ්‍ය බවත් ඇතැම් පාර්ශව අදහස් දක්වා තිබුණා.
