තීරණාත්මක 03 වන තරගය අද / මෙන්ඩිසුත් එන ළකුණු – AusLanka TV – Australian News for the Sri Lankan community

තීරණාත්මක 03 වන තරගය අද / මෙන්ඩිසුත් එන ළකුණු

තීරණාත්මක 03 වන තරගය අද / මෙන්ඩිසුත් එන ළකුණු

ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර තීරණාත්මක 03 වන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.

ඒ කැන්බරා නුවරදීයි.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 01 යි 40 ට හෙවත් කැන්බරා වේලාවෙන් රාත්‍රී 07 යි 10 ට තරගය ආරම්භ වනු ඇති.

තරගාවලිය ජය ගැනීමට හෝ සම තත්වයෙන් අවසන් කර ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය අනිවාර්යයෙන් ජයගත යුතු වනවා.

මේ අතර මෙම තරගයට පිතිකරු කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇති බවට අනාවැකි පළවනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ ඔහු මේ වනවිට කොවිඩ් 19 තත්වයෙන් සුවය ලබා ඇති අතර තේරීම් සඳහා සුදුසු තත්වයේ පසුවන බවයි.

වෛද්‍ය අනුමැතිය ලැබීමෙන් පසු කුසල් මෙන්ඩිස් ඊයේ කණ්ඩායම සමග එක්වී තිබෙනවා.

කොවිඩ් ආසාධනය වූ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

COMMENTS