
සිය සැමියා රාජකාරි බහුල අතිශය කාර්ය බහුල දිවියක් ගතකිරීම හමුවේ ඇතැම් අවස්ථාවලදී සිය පුද්ගලික ජිවිතයට බලපෑම් එල්ලවූ අගමැති ස්කොට් මොරිසන් ගේ බිරිඳ වන ජෙනී මොරිසන් පවසනවා.
සත් අන්ත රුපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදීයි ඇය මේ බව කියාසිටියේ.
ඇතැම් අවස්ථාවලදී ගනු ලැබූ තීරණ පිළිබඳ අද වනවිට පසුතැවිලි වන බවයි ඇය මෙහිදී සඳහන් කලේ.

2019 ලැව්ගිනි සමයේදී හවායි හි නිවාඩුවක් ගත කිරීමද ඒ අතර වන බව ජෙනී මොරිසන් ප්‍රකාශ කලා.
ෆෙඩරල් මැතිවරණය අභියස අගමැති මොරිසන්ගේ ජනප්‍රියත්වය පහළ වැටී ඇති අවස්ථාවක ප්‍රචාරය වූ මෙම සම්මුඛ සාකච්ඡාව පිළිබඳ පක්ෂ විපක්ෂ මත පළවෙමිනුයි පවතින්නේ.
