Day: February 8, 2022

පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන ගැන අගමැති යළි කණගාටුව පළකරයි

ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තු සංකීර්ණයේදී කලකට පෙර සිදුවූ බව කියන ලිංගික හිංසන සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් නැවත වරක් කණගාටුව පළකරනවා. මින් ඉදිරියට මෙවැනි අපකීර්තිමත් සිදුවීම් වීමට ඉඩ නොතබන බවටයි ඔහු අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කලේ. කවරෙකු හෝ මින් පසු මෙවැනි කටයුත්තකට වරදකරු බවට පත්වුවහොත් දැඩි පියවර ගන්නා බවටයි අගමැතිවරයා අනතුරු අගවා සිටියේ. පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන පිළිබඳ සොයා බැලීමට පත්කල කොමිසමේ නිර්දේශ අනුව අගමැතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවා. විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ද මෙහිදී අදහස් පළකලා. ඔහු පැවසුවේ

Read More »

වික්ටෝරියා 03 – 05 ත් අතර ළදරුවනුත් රැපිඩ් පරීක්ෂණවලට

පාසල්වල සිදුකරන නොමිළයේ රැපිඩ් පරීක්ෂණ Child care සහ ළදරු පාසල් දක්වාද ව්‍යාප්ත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සති 02 කට වරක් අහඹු ලෙස තෝරාගන්නා වයස අවුරුදු 03 ත් 05 ත් අතර ළදරුවන් රැපිඩ් පරීක්ෂණවලට ලක් කෙරෙන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ. මේ සඳහා අමතර රැපිඩ් කට්ටල ලක්ෂ 16 ක් බෙදා හැරීමට නියමිත බවද ඔහු සඳහන් කලා. ඉදිරි සති 02 තුළදී ඒවා බෙදා හැරීමට පියවර ගන්නා බවයි වික්ටෝරියා අගමැතිවරයා කියාසිටියේ.

Read More »

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා – 9,785 / NSW – 9,690

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 9,785 ක් හමුව ඇත. මරණ 20 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 58,449 කි. ඊයේ දිනයේදී (07) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 19,404 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 15,870 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1490807436311031809?s=20&t=dqS-0p9YXNub6P8WaTSI5Q නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (07) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 9690 ක් වාර්තා වි තිබේ. දැනට 2068 දෙනෙකු

Read More »

ඔස්ටේ්‍රලියාවෙන් ගන්න ණයකින් පරිප්පු ගන්න ලංකාව සැරසෙයි

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ඉල්ලා ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. එම ණය පහසුකම් මගින් ප්‍රධාන වශයෙන් පරිප්පු සහ බාර්ලි ගැනීමට බලාපොරොත්තු වන බව කී ඔහු ඉතිරි මුදල අනෙකුත් අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය සඳහා භාවිතා කළ හැකි බව කියා සිටියා. එළඹෙන අලුත් අවුරුදු සමය ඇතුළු ඉදිරි මාස කිහිපය සඳහා ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම සහතික කිරීමට ඉන්දියාවෙන් ද ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලැබෙන බවද අමාත්‍යවරයා පවසනවා. මෙම ප්‍රමාණය ඉදිරි

Read More »