
පාසල්වල සිදුකරන නොමිළයේ රැපිඩ් පරීක්ෂණ Child care සහ ළදරු පාසල් දක්වාද ව්‍යාප්ත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සති 02 කට වරක් අහඹු ලෙස තෝරාගන්නා වයස අවුරුදු 03 ත් 05 ත් අතර ළදරුවන් රැපිඩ් පරීක්ෂණවලට ලක් කෙරෙන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ.
මේ සඳහා අමතර රැපිඩ් කට්ටල ලක්ෂ 16 ක් බෙදා හැරීමට නියමිත බවද ඔහු සඳහන් කලා.

ඉදිරි සති 02 තුළදී ඒවා බෙදා හැරීමට පියවර ගන්නා බවයි වික්ටෝරියා අගමැතිවරයා කියාසිටියේ.
පාසල් නැවත ආරම්භ කිරීමත් සමග ළදරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම පිණිස මෙම තීරණය ගන්නා බවද ඔහු සඳහන් කලා.

COMMENTS