Day: February 8, 2022

DOLLAR-MONEY.

NSW දෙමාපියන්ට $ 250 ක වවුචර දීමට ප්‍රාන්ත රජය සැරසෙයි

පසුගිය වසරේ ලොක්ඩවුන් කාලයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවෙස් අධ්‍යාපනය ලැබූ දරුවන් සිටින දෙමාපියන්ට රජයේ සහනාධාර සහිත නිවාඩු ගත කිරීමට අවස්ථාවක් ලබාදී තිබෙනවා. මේ අනුව සුදුසුකම් ලත් සෑම නිවසකින්ම එක් පුද්ගලයෙකුට $50 වවුචර 05 ක් ලැබෙන අතර ඒවා ඔක්තෝබර් මස මුල දක්වා ප්‍රාන්තය තුල නවාතැන් හෝ විනෝදාස්වාද සඳහා යොදාගත හැකියි. Service NSW ඇප්ලිකේෂනය සහ ප්‍රාන්තයේ සෙසු සේවා ස්ථාන හරහා මෙම වචුචර්පත් ලබාගත හැකි වනවා. මීට පෙර ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ Dine and Discover වචුචර හා සමාන

Read More »

වික්ටෝරියා ළමුන්ගෙන් අඩකට කොවිඩ් එන්නත් දී අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ගෙන් අඩකට වැඩි පිරිසකට කොවිඩ් එන්නත් මාත්‍රා දී තිබෙනවා. කෙසේවෙතත් බූස්ටර් මාත්‍රාව ලබාගත් වැඩිහිටියන්ගේ ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 45 ක් ලෙසයි. මාසයක් පමණ අත්හිටුවා තිබූ අත්‍යවශ්‍ය නොවන සැත්කම් ද සියයට 50 ක ධාරිතාවයකින් ඊයේ සිට පුද්ගලික රෝහල්වල ආරම්භ කෙරුණා. ඉදිරියේදී එහි ධාරිතාවය ඉහළ නංවන බවයි ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍ය ජේම්ස් මර්ලීනෝ සඳහන් කලේ. ගතවූ දින කිහිපය පුරාම වික්ටෝරියා දෛනික ආසාධිතයන් සංඛ්‍යාව අඩුවෙමිනුයි පවතින්නේ. https://www.9news.com.au/national/elective-surgery-resumes-in-victorias-private-hospitals-as-victorias-covid19-hospitalisations-drop/8435f323-a4e2-4a7c-a02d-28b8ec2781c2

Read More »