
පසුගිය වසරේ ලොක්ඩවුන් කාලයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවෙස් අධ්‍යාපනය ලැබූ දරුවන් සිටින දෙමාපියන්ට රජයේ සහනාධාර සහිත නිවාඩු ගත කිරීමට අවස්ථාවක් ලබාදී තිබෙනවා.
මේ අනුව සුදුසුකම් ලත් සෑම නිවසකින්ම එක් පුද්ගලයෙකුට $50 වවුචර 05 ක් ලැබෙන අතර ඒවා ඔක්තෝබර් මස මුල දක්වා ප්‍රාන්තය තුල නවාතැන් හෝ විනෝදාස්වාද සඳහා යොදාගත හැකියි.
Service NSW ඇප්ලිකේෂනය සහ ප්‍රාන්තයේ සෙසු සේවා ස්ථාන හරහා මෙම වචුචර්පත් ලබාගත හැකි වනවා.

මීට පෙර ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ Dine and Discover වචුචර හා සමාන අයුරින් මෙම ක්‍රමවේදයද ක්‍රියාත්මක වනු ඇති.
මේ අතර මෙම මාසයේ සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට ඩොලර් 50 ක වවුචරයක් ලබාදීමටද ප්‍රාන්ත රජය සැලසුම් කර තිබෙනවා.

පිළිගත් නවාතැන් පහසුකම් සපයන ආයතනයකදී එය වියදම් කල හැකි වනවා.
COMMENTS