වික්ටෝරියා ළමුන්ගෙන් අඩකට කොවිඩ් එන්නත් දී අවසන් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා ළමුන්ගෙන් අඩකට කොවිඩ් එන්නත් දී අවසන්

වික්ටෝරියා ළමුන්ගෙන් අඩකට කොවිඩ් එන්නත් දී අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ගෙන් අඩකට වැඩි පිරිසකට කොවිඩ් එන්නත් මාත්‍රා දී තිබෙනවා.

කෙසේවෙතත් බූස්ටර් මාත්‍රාව ලබාගත් වැඩිහිටියන්ගේ ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 45 ක් ලෙසයි.

මාසයක් පමණ අත්හිටුවා තිබූ අත්‍යවශ්‍ය නොවන සැත්කම් ද සියයට 50 ක ධාරිතාවයකින් ඊයේ සිට පුද්ගලික රෝහල්වල ආරම්භ කෙරුණා.

ඉදිරියේදී එහි ධාරිතාවය ඉහළ නංවන බවයි ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍ය ජේම්ස් මර්ලීනෝ සඳහන් කලේ.

ගතවූ දින කිහිපය පුරාම වික්ටෝරියා දෛනික ආසාධිතයන් සංඛ්‍යාව අඩුවෙමිනුයි පවතින්නේ.

https://www.9news.com.au/national/elective-surgery-resumes-in-victorias-private-hospitals-as-victorias-covid19-hospitalisations-drop/8435f323-a4e2-4a7c-a02d-28b8ec2781c2

COMMENTS