ඔස්ටේ්‍රලියාවෙන් ගන්න ණයකින් පරිප්පු ගන්න ලංකාව සැරසෙයි

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ඉල්ලා ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

එම ණය පහසුකම් මගින් ප්‍රධාන වශයෙන් පරිප්පු සහ බාර්ලි ගැනීමට බලාපොරොත්තු වන බව කී ඔහු ඉතිරි මුදල අනෙකුත් අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය සඳහා භාවිතා කළ හැකි බව කියා සිටියා.

එළඹෙන අලුත් අවුරුදු සමය ඇතුළු ඉදිරි මාස කිහිපය සඳහා ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම සහතික කිරීමට ඉන්දියාවෙන් ද ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලැබෙන බවද අමාත්‍යවරයා පවසනවා.

මෙම ප්‍රමාණය ඉදිරි මාස හයකට පමණ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට ප්‍රමාණවත් වනු ඇතැයි ද හෙතෙම සඳහන් කලා.

මීට අමතරව චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක් ඉල්ලා ඇති බවත් ඊට චීනය එකඟ වනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.

https://lankacnews.com/%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4/

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »