
ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තු සංකීර්ණයේදී කලකට පෙර සිදුවූ බව කියන ලිංගික හිංසන සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් නැවත වරක් කණගාටුව පළකරනවා.
මින් ඉදිරියට මෙවැනි අපකීර්තිමත් සිදුවීම් වීමට ඉඩ නොතබන බවටයි ඔහු අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කලේ.
කවරෙකු හෝ මින් පසු මෙවැනි කටයුත්තකට වරදකරු බවට පත්වුවහොත් දැඩි පියවර ගන්නා බවටයි අගමැතිවරයා අනතුරු අගවා සිටියේ.

පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන පිළිබඳ සොයා බැලීමට පත්කල කොමිසමේ නිර්දේශ අනුව අගමැතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවා.
විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ද මෙහිදී අදහස් පළකලා.

ඔහු පැවසුවේ අදහස් දැක්වීමෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම මෙවැනි දෑ ඉටු කල යුතුව ඇති බවයි.
COMMENTS