Day: January 27, 2022

Update: මෙල්බන් දරුණු කුණාටු හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිය ඇණහිටී

මෙල්බන් නගරයට බලපෑ දරුණු කුණාටු සහ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිය ඇණහිට තිබෙනවා. වයඹ දිග වික්ටෝරියා ප්‍රදේශයේ පමණක් නිවාස 4000 කට පමණ විදුලිය විසන්ධි වී ඇති බව සඳහන්. ජිවිත අවධානමකට ලක්විය හැකි ජල ගැලීම් සහ දරුණු කුණාටු තත්වයක් ඇති විය හැකි බවට කාළගුණ අංශ ද අනතුරු අගවා සිටිනවා. අද උදාසන එක් පැයක් තුළදී මෙල්බන් නගරයේ ස්ථාන රැසකට මිලි මීටර් 56 ඉක්මවූ ධාරාණිපාත වැසි පැවති බව සඳහන්. ඔස්ටේ්‍රලියා ජාතික දිනයකදී වසර 16 කට පසු

Read More »

පාපන්දු පිටි 26 ක සූර්ය පැනල පද්ධතියක් මෙල්බන් ගුවන් තොටුපළට

ඔස්ටේ්‍රලියාවේ විශාලතම සූර්ය පැනල පද්ධතියක් මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථාපිත කර තිබෙනවා. එහි සමස්ත වර්ග ප්‍රමාණය පාපන්දු පිටි 26 ක් පමණ වන බව සඳහන්. පර්යන්ත (Terminal) 04 සඳහාම විදුලි බලය සැපයීම අරමුණු කරගෙනයි මෙම සූර්ය පැනල පද්ධතිය ඉදිකර ඇත්තේ. ගුවන් තොටුපළේ සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 15 ක් සපුරාලීම මෙම සූර්ය පැනල පද්ධතියේ අරමුණ වී තිබෙනවා. 2050 වසර වනවිට පරිසර හිතකාමී බලශක්ති යොදාගැනීමේ එක් අධියරක් ලෙසයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ. https://www.9news.com.au/national/solar-farm-melbourne-one-of-australias-largest-solar-farms-installed-at-melbourne-airport/f55edf68-d244-41ac-90c3-bcee88850f7a

Read More »

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 13,755ක්! NSW ප්‍රාන්තයෙන් 17,316ක්!

තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 13,755ක් හමුව ඇත. මරණ  15ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 119,153කි. ඊයේ දිනයේදී (26) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 31,218ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 16,979 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1486458944436727808?s=20 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (26) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 17,316ක් වාර්තා වි තිබේ. දැනට 2,722 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන්

Read More »

මෙල්බන් නුවරට අද දිනයේ ජීවිත තර්ජනයක් වන හදිසි ගංවතුර තත්වයක් සහ ගිගුරුම් සහිත වැසි!

අද උදෑසන මෙල්බර්න් නුවරට දැඩි ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා තිබෙනවා. උතුරු සහ බටහිර මෙල්බර්න් කලාපයට ජීවිත තර්ජනයක් වන හදිසි ගංවතුර තත්වයන් ඇති වීමටත්​ දැඩි වර්ෂාපතනයක් සහිත ඉතා භයානක ගිගුරුම් සහිත වැසි සඳහා කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර ඇත. අද දින උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බවට වාර්තා වේ. මේ අතර ඊයේ දිනයේ මෙල්බන් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 දක්වා ඉහළ

Read More »