Day: January 27, 2022

ගතවූ වසර 02 දී 314,000 ක් ඔස්ටේ්‍රලියා පුරවැසිභාවය ගනී

ඔස්ටේ්‍රලියාවේ පුරවැසිභාවය පතා අයදුම්පත් යොමුකරන්නන් අතුරින් සෑම 10 දෙනෙකුගෙන් අයෙකුටම වසර 02 කට වැඩි කාලයක් බලා සිටීමට සිදුවන බව නවතම වාර්තාවක් අනාවරණය කරනවා. කෙසේවෙතත් වැඩි පිරිසකට අයදුම්පත් ඉදිරිපත් කර මාස 24 ක් ඇතුළතදී පුරවැසිභාවය හිමිවන බවයි මෙහිදී හෙළිවී ඇත්තේ. ඔස්ටේ්‍රලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව අයදුම්පත් ඉදිරිපත් කර තීරණයක් ලැබීම දක්වා වන සාමාන්‍ය කාලය මාස 13 ක් ලෙසයි පවතින්නේ. පසුගිය මාසය වනවිට ස්වදේශ දෙපාර්තමේන්තුව තුළ පැවති පුරවැසි අයදුම්පත් සංඛ්‍යාව 144,847 ක්. 2020 සහ 2021 වසරවලදී ඔස්ටේ‍රලියා

Read More »

මාලිංග යළි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට

ඉදිරි ඔස්ටේ්‍රලියාවට එරෙහි තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ න්‍යායාත්මක පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබෙනවා. ක්‍රීඩකයන්ට න්‍යායාත්මක පුහුණුව ලබාදීමත් – තාක්ෂණික උපදෙස් සැපයීමත් ඔහුට පැවරී ඇති ප්‍රධාන කාර්යයි. පන්දුවාර 20 තරග පිළිබඳ ලසිත් මාලිංග සතු පුලුල් අත්දැකීම් ජාතික කණ්ඩායමට හිමිවනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ උපදේශකත්වය මත ක්‍රිකට් විධායක කමිටුව විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.

Read More »