
ඉදිරි ඔස්ටේ්‍රලියාවට එරෙහි තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ න්‍යායාත්මක පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබෙනවා.
ක්‍රීඩකයන්ට න්‍යායාත්මක පුහුණුව ලබාදීමත් – තාක්ෂණික උපදෙස් සැපයීමත් ඔහුට පැවරී ඇති ප්‍රධාන කාර්යයි.
පන්දුවාර 20 තරග පිළිබඳ ලසිත් මාලිංග සතු පුලුල් අත්දැකීම් ජාතික කණ්ඩායමට හිමිවනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ උපදේශකත්වය මත ක්‍රිකට් විධායක කමිටුව විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.
එය ලබන පෙබරවාර පළමුවනදා සිට 20 වනදා දක්වා බලාත්මකයි.

COMMENTS