ගතවූ වසර 02 දී 314,000 ක් ඔස්ටේ්‍රලියා පුරවැසිභාවය ගනී

ඔස්ටේ්‍රලියාවේ පුරවැසිභාවය පතා අයදුම්පත් යොමුකරන්නන් අතුරින් සෑම 10 දෙනෙකුගෙන් අයෙකුටම වසර 02 කට වැඩි කාලයක් බලා සිටීමට සිදුවන බව නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

කෙසේවෙතත් වැඩි පිරිසකට අයදුම්පත් ඉදිරිපත් කර මාස 24 ක් ඇතුළතදී පුරවැසිභාවය හිමිවන බවයි මෙහිදී හෙළිවී ඇත්තේ.

ඔස්ටේ්‍රලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව අයදුම්පත් ඉදිරිපත් කර තීරණයක් ලැබීම දක්වා වන සාමාන්‍ය කාලය මාස 13 ක් ලෙසයි පවතින්නේ.

පසුගිය මාසය වනවිට ස්වදේශ දෙපාර්තමේන්තුව තුළ පැවති පුරවැසි අයදුම්පත් සංඛ්‍යාව 144,847 ක්.

2020 සහ 2021 වසරවලදී ඔස්ටේ‍රලියා පුරවැසිභාවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 314,000 ක් වන අතර ඉන් වැඩි පිරිසක් එය ලබාගෙන ඇත්තේ ඔන්ලයින් ක්‍රමයටයි.

ඊයේ පැවති ඔස්ටේ්‍රලියා ජාතික දිනයේදී රටවල් 150 ක පුද්ගලයන් 16,000 කට පමණ මෙරට පුරවැසිභාවය පිරිනමා තිබුණා.

https://www.theguardian.com/australia-news/2022/jan/26/one-in-10-people-waiting-to-become-australian-citizens-face-delays-of-more-than-two-years

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »