Update: මෙල්බන් දරුණු කුණාටු හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිය ඇණහිටී – AusLanka TV – Australian News for the Sri Lankan community

Update: මෙල්බන් දරුණු කුණාටු හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිය ඇණහිටී

Update: මෙල්බන් දරුණු කුණාටු හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිය ඇණහිටී

මෙල්බන් නගරයට බලපෑ දරුණු කුණාටු සහ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිය ඇණහිට තිබෙනවා.

වයඹ දිග වික්ටෝරියා ප්‍රදේශයේ පමණක් නිවාස 4000 කට පමණ විදුලිය විසන්ධි වී ඇති බව සඳහන්.

ජිවිත අවධානමකට ලක්විය හැකි ජල ගැලීම් සහ දරුණු කුණාටු තත්වයක් ඇති විය හැකි බවට කාළගුණ අංශ ද අනතුරු අගවා සිටිනවා.

අද උදාසන එක් පැයක් තුළදී මෙල්බන් නගරයේ ස්ථාන රැසකට මිලි මීටර් 56 ඉක්මවූ ධාරාණිපාත වැසි පැවති බව සඳහන්.

ඔස්ටේ්‍රලියා ජාතික දිනයකදී වසර 16 කට පසු සටහන්වූ ඉහළම උෂ්ණත්වය ඊයේ වාර්තා වුණා.

මෙල්බන් උෂ්ණත්වය ඊයේ සටහන් වූයේ සෙල්සියස් අංශක 36 ක් ලෙසයි.

https://www.9news.com.au/national/weather-news-severe-thunderstorms-lash-melbourne-as-warnings-issued/1836a422-89d0-418e-b9cd-b2513cd88047

COMMENTS