Day: December 22, 2021

ඔස්ටේ්‍රලියාව තුළ සිදුවන මරණ අතුරින් බහුතරයකට හේතුව හෘද රෝගයි

ඔස්ටේ්‍රලියාව තුළ සිදුවන මරණ අතුරින් බහුතරයකට හේතුව හෘද රෝග බව නවතම අධ්‍යයනයක් අනාවරණය කර තිබෙනවා. ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල වාර්තාවකට අනුව මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා හෘද රෝග හමුවේ මෙරටදී සිදුව ඇති මරණ සංඛ්‍යාව 11,636 ක්. ඇල්සයිමර් වැනි රෝග හමුවේ සිදුවන මරණ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. 2015 සිට 2019 දක්වා කාලය තුළ සිදුවූ හෘද රෝග ආශ්‍රිත මරණ සැළකීමේදී මෙම වසරේදී සිදුවූ එවැනි මරණවල ඉහළයාමක් දක්නට ලැබෙනවා. එමෙන්ම ඔස්ටේ්‍රලියාව තුළ සිදුවන පිළිකා ආශ්‍රිත මරණවල

Read More »

ක්වීන්ස්ලන්ඩ් මුහුණු ආවරණ රෙගුලාසි හෙට සිට තවත් දැඩි කෙරේ

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මුහුණු ආවරණ රෙගුලාසි හෙට සිට බලාත්මක වන පරිදි තවත් දැඩි කර තිබෙනවා. ඒ අනුව Hospitality ක්ෂේත්‍රයේ හා සිනමා ශාලා වල සේවකයන්ට මුහුණු ආවරණය වනු ඇති. දැනට ක්වීන්ස්ලන්ඩ් හි මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ සුපිරි වෙළඳසැල් – වෙළඳ සංකීර්ණ සහ පොදු ප්‍රවාහනයේදී පමණයි. මේ අතර ප්‍රාන්ත සීමා වලදී සිදුකෙරෙන පී සී ආර් පරීක්ෂණ වෙනුවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අවසර දීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැතිනිය පවසනවා. කෙසේවෙතත් ලබන වසරේ සිට එය ආරම්භ කෙරෙනු

Read More »

රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමිළයේ ලබාදීම කෙරෙහි අවධානය

රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලබාදීම නොමිළයේ සිදුකිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසනවා. ඒ සඳහා අසීරුතාවයක් ඇත්නම් මිළ ගණන් සැළකිය යුතු මට්ටමකින් අඩු කිරීමට හෝ කටයුතු කරන බවයි අගමැතිවරයා සඳහන් කලේ. එමගින් නිවාස තුළදීම පරීක්ෂණ සිදුකර ගැනීමට ඔස්ටේ්‍රලියානුවන්ට හැකියාව ලැබෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කලා. නත්තල් දිනය එළඹීමත් සමග වෙනත් ප්‍රාන්ත වෙත යාම සඳහා පී සී ආර් පරීක්ෂණ කර ගැනීමට විශාල පිරිසක් පැමිණීම හමුවේ පරීක්ෂණ මධ්‍යස්ථාන අසල දැඩි පෝලිම් තත්වයකුයි දක්නට ලැබෙන්නේ. මෙල්බන් නගරයේ

Read More »

ඊයේ ආසාධිතයන් : නිවු සවුත් වේල්ස් 3,763 / වික්ටෝරියා 1,503

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,503 ක් හමුව ඇත. මරණ 06 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,888 කි. ඊයේ දිනයේදී (21) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 92,262 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,443 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (21) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 3,763 ක් වාර්තා වි තිබේ. දැනට 302 දෙනෙකු

Read More »