රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමිළයේ ලබාදීම කෙරෙහි අවධානය

රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලබාදීම නොමිළයේ සිදුකිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

ඒ සඳහා අසීරුතාවයක් ඇත්නම් මිළ ගණන් සැළකිය යුතු මට්ටමකින් අඩු කිරීමට හෝ කටයුතු කරන බවයි අගමැතිවරයා සඳහන් කලේ.

එමගින් නිවාස තුළදීම පරීක්ෂණ සිදුකර ගැනීමට ඔස්ටේ්‍රලියානුවන්ට හැකියාව ලැබෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කලා.

නත්තල් දිනය එළඹීමත් සමග වෙනත් ප්‍රාන්ත වෙත යාම සඳහා පී සී ආර් පරීක්ෂණ කර ගැනීමට විශාල පිරිසක් පැමිණීම හමුවේ පරීක්ෂණ මධ්‍යස්ථාන අසල දැඩි පෝලිම් තත්වයකුයි දක්නට ලැබෙන්නේ.

මෙල්බන් නගරයේ ඇතැම් කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානවල ධාරිතාව ඉක්මවා යාමත් සමග ඒවා වසා දැමීමටද පියවර ගෙන තිබුණා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »