
ඔස්ටේ්‍රලියාව තුළ සිදුවන මරණ අතුරින් බහුතරයකට හේතුව හෘද රෝග බව නවතම අධ්‍යයනයක් අනාවරණය කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල වාර්තාවකට අනුව මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා හෘද රෝග හමුවේ මෙරටදී සිදුව ඇති මරණ සංඛ්‍යාව 11,636 ක්.
ඇල්සයිමර් වැනි රෝග හමුවේ සිදුවන මරණ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

2015 සිට 2019 දක්වා කාලය තුළ සිදුවූ හෘද රෝග ආශ්‍රිත මරණ සැළකීමේදී මෙම වසරේදී සිදුවූ එවැනි මරණවල ඉහළයාමක් දක්නට ලැබෙනවා.
එමෙන්ම ඔස්ටේ්‍රලියාව තුළ සිදුවන පිළිකා ආශ්‍රිත මරණවල ද කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙන බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසන්නේ.
