Day: December 18, 2021

ටස්මේනියා පාසල්වල Jumping castles සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම්

ටස්මේනියා ප්‍රාන්තයේ පාසල්වල ඇති Jumping castles ඇතුලු වාතය පුරවන ලද ක්‍රීඩා නිවාස සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා. ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ නිවේදනයක් සියලුම පාසල් වෙත යවා ඇති බව සඳහන්. Hillcrest ප්‍රාථමික පාසලේ පෙරේදා සිදුවූ අනතුරින් ළමුන් 05 දෙනෙකු මියයාමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ. මේ අතර මෙම අනතුරට සැබෑ හේතුව සොයා ටස්මේනියා පොලිසිය – Worksafe ටස්මේනියා ඇතුලු පාර්ශව කිහිපයක් තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතිනවා. එක්වරම බලපෑ සුළං තත්වයක් හේතුවෙන් ළමුන් සිටි

Read More »

අගමැති මොරිසන් ටස්මේනියා පාසලට – ඩොලර් ලක්ෂ 08 ක උපකාරයක්

ටස්මේනියා ප්‍රාථමික පාසලක සිදුවූ ඛේදවාචකයයට සමගාමීව උපදේශන සේවා සඳහා ඩොලර් ලක්ෂ 08 ක මුදලක් පිරිනැමීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. මියගිය දරුවන් 05 දෙනාගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ඩොලර් 50,000 බැගින් වෙන් කෙරෙන අතර ඉතිරි ඩොලර් 550,000 සෙසු පාර්ශව වෙනුවෙන් යෙදවීමට නියමිතයි. මේ පිළිබඳව තමන් ටස්මේනියා අගමැතිවරයා සමගද සාකච්ඡා කර ඇති බවයි අගමැති මොරිසන් වැඩිදුරටත් සඳහන් කලේ. ඔහු අද දිනයේදී අදාළ පාසලට යාමටත් මියගිය දරුවන්ගේ දෙමව්පියන් හමුවීමටත් නියමිතයි. මේ අතර පෙරේදා සිදුවූ මෙම අනතුරින් අසාධ්‍ය තත්වයෙන්

Read More »

ඊයේ ආසාධිතයන් : NSW 2,482 / VIC 1,504

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1504 ක් හමුව ඇත. මරණ 07 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13, 443 කි. ඊයේ දිනයේදී (17) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 88,083 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 12,268 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (17) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 2,482 ක් වාර්තා වි තිබේ. දැනට 206

Read More »

මෙල්බන් තැබෑරුම් 02 ක් ආශ්‍රිත කොවිඩ් ආශ්‍රිතයන් නැවතත් ඉහළට

මෙල්බන් නගරයේ තැබෑරුම් 02 ක් ආශ්‍රිත කොවිඩ් ආශ්‍රිතයන් සංඛ්‍යාව නැවතත් ඉහළයාමත් සමග කොවිඩ් පොකුරක් නිර්මාණය වනු ඇති බවට අනතුරු ඇගවෙනවා. පෙරේදා දිනයේදී මෙම ස්ථාන 02 ආශ්‍රිතව වාර්තාවූයේ ආසාධිතයන් 07 දෙනෙකු පමණයි. එහෙත් එක් තැබෑරුමකින් 16 දෙනෙකුද අනෙක් ස්ථානයෙන් 12 දෙනෙකුද වශයෙන් ඊයේ ආසාධිතයන් සටහන්වී තිබුණා. මේ අතර සිටි එක් අයෙකු ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාධිතයෙකු බවටද තහවුරු කරගත් බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ සඳහන් කලේ. මෙම ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් 700 කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමුකර තිබෙනවා. https://www.9news.com.au/national/coronavirus-victoria-dozens-of-covid19-cases-linked-to-melbourne-bars-superspreader-fears/39c939cb-5195-4342-a50f-6b839d2eb64c

Read More »

මෙතෙක් ඔස්ටේ්‍රලියාවට ගෙන්වන විශාලම මාත්‍රා තොගය ලබන සතියේදී

කොවිඩ් මර්දන 02 වන මාත්‍රාව සහ 03 වන මාත්‍රාව අතර කාලය තවදුරටත් අඩු කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ පවසනවා. ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී පෝල් කෙලී පැවසුවේ මාස 06 ක් ලෙස පැවති එම පරතරය දැනට බලාත්මක මාස 05 ක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යන බවයි. මේ අතර නත්තල් සමය වෙනුවෙන් ලබන සතියේ සිට වෛද්‍ය සායන වසා දැමීම හමුවේ බූස්ටර් එන්නත ලබා ගැනීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතින බව සඳහන්. 02 වන සහ 03 වන

Read More »