ටස්මේනියා පාසල්වල Jumping castles සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම්

ටස්මේනියා ප්‍රාන්තයේ පාසල්වල ඇති Jumping castles ඇතුලු වාතය පුරවන ලද ක්‍රීඩා නිවාස සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.

ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ නිවේදනයක් සියලුම පාසල් වෙත යවා ඇති බව සඳහන්.

Hillcrest ප්‍රාථමික පාසලේ පෙරේදා සිදුවූ අනතුරින් ළමුන් 05 දෙනෙකු මියයාමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අතර මෙම අනතුරට සැබෑ හේතුව සොයා ටස්මේනියා පොලිසිය – Worksafe ටස්මේනියා ඇතුලු පාර්ශව කිහිපයක් තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතිනවා.

එක්වරම බලපෑ සුළං තත්වයක් හේතුවෙන් ළමුන් සිටි එක එකවරම ඉහළ ගිය බවටයි වාර්තා පළවී ඇත්තේ.

එහෙත් එම අවස්ථාවේදී පාසල අවට පැවතී ඇත්තේ පැයට කිලෝමීටර් 22 ක පමණ සුළං වේගයක් බවත් මෙවැනි සිදුවීමක් වීමට නම් අවම වශයෙන් පැයට කිලෝමීටර් 40 ක හෝ සුළං වේගයක් තිබිය යුතු බවත් ටස්මේනියා කාළගුණ බළධාරීන් සඳහන් කර තිබෙනවා.

https://www.abc.net.au/news/2021-12-18/jumping-castles-banned-in-tasmanian-schools-hillcrest/100710538

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »