මෙතෙක් ඔස්ටේ්‍රලියාවට ගෙන්වන විශාලම මාත්‍රා තොගය ලබන සතියේදී

කොවිඩ් මර්දන 02 වන මාත්‍රාව සහ 03 වන මාත්‍රාව අතර කාලය තවදුරටත් අඩු කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ පවසනවා.

ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී පෝල් කෙලී පැවසුවේ මාස 06 ක් ලෙස පැවති එම පරතරය දැනට බලාත්මක මාස 05 ක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

මේ අතර නත්තල් සමය වෙනුවෙන් ලබන සතියේ සිට වෛද්‍ය සායන වසා දැමීම හමුවේ බූස්ටර් එන්නත ලබා ගැනීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතින බව සඳහන්.

02 වන සහ 03 වන මාත්‍රා අතර පරතරය මාස 06 ක් ලෙස පැවතීමත් සමග මෙම වසර අවසන්වීමට පෙර බූස්ටර් මාත්‍රාව ලබාගැනීමට සුදුසුකම් ලබා තිබුණේ ලක්ෂ 17 ක පිරිසක් පමණයි.

එහෙත් මාස 05 දක්වා එය අඩු කිරීමත් සමග ලක්ෂ 40 ක පිරිසක් සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

එබැවින් දැනට පවතින එන්නත් ප්‍රමාණවත් නොවන බැවින් මෙතෙක් ඔස්ටේ්‍රලියාවට ගෙන්වන විශාලම මාත්‍රා තොගය ලබන සතියේදී රටට ගෙන්වාගනු ඇති බව සෞඛ්‍ය අංශ කියාසිටියා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »