
ටස්මේනියා ප්‍රාථමික පාසලක සිදුවූ ඛේදවාචකයයට සමගාමීව උපදේශන සේවා සඳහා ඩොලර් ලක්ෂ 08 ක මුදලක් පිරිනැමීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
මියගිය දරුවන් 05 දෙනාගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ඩොලර් 50,000 බැගින් වෙන් කෙරෙන අතර ඉතිරි ඩොලර් 550,000 සෙසු පාර්ශව වෙනුවෙන් යෙදවීමට නියමිතයි.
මේ පිළිබඳව තමන් ටස්මේනියා අගමැතිවරයා සමගද සාකච්ඡා කර ඇති බවයි අගමැති මොරිසන් වැඩිදුරටත් සඳහන් කලේ.

ඔහු අද දිනයේදී අදාළ පාසලට යාමටත් මියගිය දරුවන්ගේ දෙමව්පියන් හමුවීමටත් නියමිතයි.
මේ අතර පෙරේදා සිදුවූ මෙම අනතුරින් අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි එක් සිසුවෙකු රෝහලෙන් නිවස බලා පිටත්ව ගොස් තිබෙනවා.

තවත් දෙදෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.