Day: November 24, 2021

නවසීලන්තය දේශ සීමා විවෘත කරන දින වකවානු ප්‍රකාශයට පත් කරයි

ජාත්‍යන්තර සංචාරකයන්ට ලබන අප්‍රේල් 30 වනදායින් පසු සිය රටට ඇතුලුවීමට නවසීලන්තය අවසර දී තිබෙනවා. කෙසේවෙතත් දැනට ඔස්ටේ්‍රලියාවේ සිටින නවසීලන්ත පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට ලබන ජනවාරි 16 වනදායින් පසු නවසීලන්තයට ගමන් කල හැකියි. අනෙක් රටවල සිටින නවසීලන්ත පුරවැසියන්ට සහ නේවාසික වීසා ලාභීන්ට පෙබරවාරි 13 වනදා සිට නවසීලන්තයට පැමිණිය හැකි වනවා. අනතුරුව අප්‍රේල් 30 වනදා සිට ඕනෑම රටක සිට කිසිදු අවහිරයකින් තොරව පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඕනෑම අයෙකුට නවසීලන්තයට පැමිණීමට හැකි වන පරිදි දේශසීමා විවෘත කරන බවයි එරට

Read More »

විදුලි බිලට දුන් $250 දීමනාව වික්ටෝරියානුවන් බහුතරයක් තවමත් අරගෙන නෑ

වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ගේ විදුලි බිල්පත් ගාස්තු වෙනුවෙන් ලබාදුන් ඩොලර් 250 ක දීමනාව අති විශාල පිරිසක් මේ දක්වා ලබාගෙන නැතැයි හෙළිවී තිබෙනවා. ඩොලර් මිලියන 700 ක මුදලක් මේ සඳහා වෙන් කර ඇතත් තවමත් ලබාගෙන ඇත්තේ ඩොලර් මිලියන 76 කට ආසන්න මුදලක් පමණයි. මේ දිනවල නිවාසවල සිටින කාලය ඉහළ යෑමත් නත්තල් කාලය එළඹීමත් සමග විදුලි ගාස්තුවේ ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. ඊට උපකාරයක් ලෙසයි ඩොලර් 250 ක මුදලක් සෘජුව බැංකු ගිණුමට බැර කිරීමේ වැඩසටහනක් මීට මාස 12 කට පෙර

Read More »

ඔස්ටේ්‍රලියානුවන් සමාජ මාධ්‍ය ඔස්සේ භාණ්ඩ මිළයට ගැනීම 700% කින් ඉහළට

කොවිඩ් වසංගත සමයේදී ඔස්ටේ්‍රලියානුවන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ භාණ්ඩ හා සේවා මිළයට ගැනීම සියයට 700 කින් ඉහළ ගොස් තිබෙනවා. ඉන් බහුතරය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් ඔස්සේ සිදුකල අලෙවි කිරීම් බවයි PayPal විසින් සිදුකල නවතම අධ්‍යයනයකින් හඳුනාගෙන ඇත්තේ. වර්තමානය වනවිට ඔස්ටේ්‍රලියානුවන් සිය භාණ්ඩ මිළදී ගැනීම් සහ බිල්පත් ගෙවීම්වලින් අඩක් පමණ සිදුකරනුයේ අන්තර්ජාලය හරහා බවද මෙහිදී අනාවරණය වුණා. 2019 වසරේදී ඔස්ටේ්‍රලියාවේ එක් පුද්ගලයෙකු සමාජ මාධ්‍ය හරහා භාණ්ඩ මිළදී ගැනීම්වල මාසික සාමාන්‍යය සටහන් වූයේ ඩොලර් 05 ක් ලෙසයි.

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 248 ක් / මරණ 02 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (23) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 248 ක් වාර්තා වි තිබේ. දැනට 195 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 35 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 02 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 627 කි. පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 80,317 ක් සිදු කර ඇත. NSW #COVID19 update – Wednesday 24 November 2021

Read More »

වික්ටෝරියාවේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,196ක් | මරණ 3ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින්  1,196ක් හමුව ඇත. මරණ  3ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  9,774කි. ඊයේ දිනයේදී (23) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 72,754 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 3,358ක් ලබා දී තිබේ. අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites https://twitter.com/VicGovDH/status/1463266168442032128?s=20

Read More »