ජාත්‍යන්තර සංචාරකයන්ට ලබන අප්‍රේල් 30 වනදායින් පසු සිය රටට ඇතුලුවීමට නවසීලන්තය අවසර දී තිබෙනවා.
කෙසේවෙතත් දැනට ඔස්ටේ්‍රලියාවේ සිටින නවසීලන්ත පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට ලබන ජනවාරි 16 වනදායින් පසු නවසීලන්තයට ගමන් කල හැකියි.
අනෙක් රටවල සිටින නවසීලන්ත පුරවැසියන්ට සහ නේවාසික වීසා ලාභීන්ට පෙබරවාරි 13 වනදා සිට නවසීලන්තයට පැමිණිය හැකි වනවා.
අනතුරුව අප්‍රේල් 30 වනදා සිට ඕනෑම රටක සිට කිසිදු අවහිරයකින් තොරව පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඕනෑම අයෙකුට නවසීලන්තයට පැමිණීමට හැකි වන පරිදි දේශසීමා විවෘත කරන බවයි එරට බළධාරීන් අද නිවේදනය කලේ.
කොවිඩ් වසංගතය පාලනයට දැඩි සංචරණ සීමා සහ දේශ සීමා නීති අනුගමනය කල රටක් ලෙසයි නවසීලන්තය සැළකෙන්නේ.
pic – getty