Search

විදුලි බිලට දුන් $250 දීමනාව වික්ටෝරියානුවන් බහුතරයක් තවමත් අරගෙන නෑ

වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ගේ විදුලි බිල්පත් ගාස්තු වෙනුවෙන් ලබාදුන් ඩොලර් 250 ක දීමනාව අති විශාල පිරිසක් මේ දක්වා ලබාගෙන නැතැයි හෙළිවී තිබෙනවා.

ඩොලර් මිලියන 700 ක මුදලක් මේ සඳහා වෙන් කර ඇතත් තවමත් ලබාගෙන ඇත්තේ ඩොලර් මිලියන 76 කට ආසන්න මුදලක් පමණයි.

මේ දිනවල නිවාසවල සිටින කාලය ඉහළ යෑමත් නත්තල් කාලය එළඹීමත් සමග විදුලි ගාස්තුවේ ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඊට උපකාරයක් ලෙසයි ඩොලර් 250 ක මුදලක් සෘජුව බැංකු ගිණුමට බැර කිරීමේ වැඩසටහනක් මීට මාස 12 කට පෙර හඳුන්වා දෙනු ලැබුවේ.

නිවාස ලක්ෂ 03 ක ජනතාව පමණක් මේ දක්වා මෙම දීමනාව ලබාගෙන ඇති අතර ලබන ජනවාරි 31 වනදාට පෙර මෙම සුවිශේෂී දීමනා කාලය අවසන් වනවා.

ජොබ් කීපර් / වැඩිහිටි විශ්‍රාම වැටුප හෝ වෙනත් ඕනෑම දීමනාවක් ලබන අයෙකු මේ සඳහා සුදුසුකම් ලබන අතර https://compare.energy.vic.gov.au/ වෙබ් අඩවියට පිවිස දීමනාව සඳහා අයදුම් කල හැකියි.

SOURCE : https://7news.com.au/business/energy/how-to-apply-for-250-victorian-government-cash-back-on-energy-bills-c-4679034?fbclid=IwAR3oPb5tsZ8d1uoRD220JcqHge7LycZp7tXnqxA1x3Fhu8zI3jZfHzoYTNA

PIC – GETTY

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඔස්ට්‍රේලියාවෙන් වසර 20කට ක්‍රිකට් තහනමක්

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More »