ඔස්ටේ්‍රලියානුවන් සමාජ මාධ්‍ය ඔස්සේ භාණ්ඩ මිළයට ගැනීම 700% කින් ඉහළට

කොවිඩ් වසංගත සමයේදී ඔස්ටේ්‍රලියානුවන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ භාණ්ඩ හා සේවා මිළයට ගැනීම සියයට 700 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඉන් බහුතරය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් ඔස්සේ සිදුකල අලෙවි කිරීම් බවයි PayPal විසින් සිදුකල නවතම අධ්‍යයනයකින් හඳුනාගෙන ඇත්තේ.

වර්තමානය වනවිට ඔස්ටේ්‍රලියානුවන් සිය භාණ්ඩ මිළදී ගැනීම් සහ බිල්පත් ගෙවීම්වලින් අඩක් පමණ සිදුකරනුයේ අන්තර්ජාලය හරහා බවද මෙහිදී අනාවරණය වුණා.

2019 වසරේදී ඔස්ටේ්‍රලියාවේ එක් පුද්ගලයෙකු සමාජ මාධ්‍ය හරහා භාණ්ඩ මිළදී ගැනීම්වල මාසික සාමාන්‍යය සටහන් වූයේ ඩොලර් 05 ක් ලෙසයි.

එහෙත් මෙම වසරේදී එය ඩොලර් 35 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සමාජ මාධ්‍ය යනු තවදුරටත් මිතුරන් සොයාගැනීමට පමණක් යොදාගන්නා මාධ්‍යයක් නොවන බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

SOURCE : https://www.9news.com.au/national/paypal-data-australians-buying-products-on-social-media-boomed-during-covid19/9a2d7529-28ac-4da6-91d6-5ec94a7667af

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »