Day: November 8, 2021

බාල වයස්කාර ළමුන්ට කොවිඩ් එන්නත් දීමට හදිසියක් නෑ – අගමැති මොරිසන්

බාල වයස්කාර ළමුන්ට කොවිඩ් එන්නත් ලබාදීම සඳහා ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය පරිපාලනය වෙතින් මේ දක්වා අනුමැතියක් ලැබී නොමැති බව අගමැති ස්කොට් මොරිසන් පවසයි. අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන් එන්නත්කරණයේදී වඩාත් සුපරීක්ෂාකාරී විය යුතු බවයි අගමැතිවරයා අවධාරණය කර සිටින්නේ. එම වයස් කාණ්ඩයට කොවිඩ් වෛරසය බලපාන ආකාරය සාපේක්ෂව වෙනස් මට්ටමක පවතින්නේ යැයි පරික්ෂණවලින් තහවුරු වී තිබීමයි ඊට හේතුව වන්නේ. කෙසේවෙතත් වෛද්‍ය අනුමැතිය ලද වහා ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා බවද අගමැති මොරිසන් ප්‍රකාශ කලේය. ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණ ඉලක්කය

Read More »

නිවු සවුත් වේල්ස් අද සිට ලිහිල් වන කොවිඩ් රෙගුලාසි මෙන්න

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙතෙක් පැවති කොවිඩ් මර්දන රෙගුලාසි රැසක් අද සිට ලිහිල් කර තිබේ. මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඒකරාශීවීම් සඳහා තවත් පිරිස් ගෙන්වා ගත හැකි අතර නිවාස තුළ හමුවිය හැකි පුද්ගලයන් සඳහා පැවති සීමාව ඉවත් කර ඇත. ව්‍යාපාරික ස්ථානවල මේ දක්වා ක්‍රියාත්මක වූ වර්ග මීටර් 02 ක දුරස්ථභාවය වර්ග මීටරයක් දක්වා අඩු කෙරේ. පිහිණුම් තටාක විවෘත කර ඇති අතර නර්ථන කටයුතු සඳහා පැවති නීති ලිහිල් වනු ඇති. ක්‍රීඩාංගණ – තුරග තරග පිටි –

Read More »

වික්ටෝරියා පාසල් සිසුන්ට නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

පාසල් සිසුන්ට නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරගැනීම සඳහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ඒ අනුව කොවිඩ් ආසාධිතයන් වාර්තා වූ පාසල් 20 ක පළමු අධියරේදී එය ආරම්භ කෙරෙනු ඇති. ලබන 15 වනදා වනවිට සෑම පාසලකටම එය ව්‍යාප්ත කරන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනකය කර සිටී. වයස අවුරුදු 12 ට අඩු, කොවිඩ් ආසාධිතයන්ගේ සමීප ආශ්‍රිතයන් බවට පත් වූ මේ දක්වා එන්නත්කරණයට ලක් නොවූ සිසුන්ට පළමුවෙන් රැපිඩ් ඇන්ටිජන් පහසුකම ලබාදෙන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 187 ක් / මරණ 07 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (07) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 187 ක් වාර්තා වි තිබේ. දැනට 264 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 48 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 07 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 600 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 52,939 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1457467955948625926?s=20

Read More »

වික්ටෝරියාවේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,126ක් | මරණ 5ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින්  1,126ක් හමුව ඇත. මරණ  5ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16,178 කි. ඊයේ දිනයේදී (7) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 44,479 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 8,337ක් ලබා දී තිබේ. අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites https://twitter.com/VicGovDH/status/1457467961841643521?s=20

Read More »