Search

බාල වයස්කාර ළමුන්ට කොවිඩ් එන්නත් දීමට හදිසියක් නෑ – අගමැති මොරිසන්

බාල වයස්කාර ළමුන්ට කොවිඩ් එන්නත් ලබාදීම සඳහා ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය පරිපාලනය වෙතින් මේ දක්වා අනුමැතියක් ලැබී නොමැති බව අගමැති ස්කොට් මොරිසන් පවසයි.

අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන් එන්නත්කරණයේදී වඩාත් සුපරීක්ෂාකාරී විය යුතු බවයි අගමැතිවරයා අවධාරණය කර සිටින්නේ.

එම වයස් කාණ්ඩයට කොවිඩ් වෛරසය බලපාන ආකාරය සාපේක්ෂව වෙනස් මට්ටමක පවතින්නේ යැයි පරික්ෂණවලින් තහවුරු වී තිබීමයි ඊට හේතුව වන්නේ.

කෙසේවෙතත් වෛද්‍ය අනුමැතිය ලද වහා ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා බවද අගමැති මොරිසන් ප්‍රකාශ කලේය.

ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණ ඉලක්කය පසුගිය සතියේදී සියයට 80 සීමාව ඉක්මවා ගියේය.